ආපදා පරීක්ෂාව

1 1  1 2  1 3
   
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් ප්‍රදේශ දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් 2019.12.21 දින නිරීක්ෂණය කල අතර මෙම ආපදා තත්වයෙන් පීඩාවට පත් සියලු දෙනා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිනි.

අතිරේක ආහාර බෝග ලබාදීම

 

1

කර්කස ඉරි දැලුණු පොලව තෙත් කරමින් අක් වැස්ස රජරට බිම තෙත් කරමින් වැටුණු සැනින් අපි වැඩ පටන් ගත්ත. ආහාර නිශ්පාදන ජාතික වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙවරත් 2018/19 මහ කන්නය වෙනුවෙන් අතිරේක ආහාර බෝග 50% ගොවි ධායකත්වය යටතේ බෙදාදීම අද දින සිදුවිය. මෙවරද බීජ නිෂ්පාදන ගොවිපල් වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. සමහර රාජ්‍ය ආයතන දුම්

කොල වගාවට ඉඩ සලසන අතර ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපි පස සාරවත් කරන අතිරේක ආහාර බෝග ලබාදේ. මෙවර ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හා කෘෂි උපදේශක වරුන්ට ලබාදෙන බීජ නම්.

රටකජු අත්තිවාරම් බීජ . -. Kg 720
රටකජු ලියාපදිංචි බීජ ... -. Kg 1000
රටකජු සහතික බීජ .. . . - . Kg. 2280
මුං සහතික බීජ.. .. .. .. .. -. . Kg 100
කව්පි සහතික බීජ.. .. .. .. - . Kg 144
මිරිස් බදුන් .. .. .. .. .. .. .. . .- . 49000

වැසි දෙවියන් වඩීව ......අහිංසක ගොවින්ගේ වගාවන් සරු වේවා....

රාජ්‍ය සේවා ඇගයීම හා ත්‍යාග ප්‍රධානොත්සවය 2019-01-09

 50217940 2270957836526542 8753829465978568704 n

රාජ්‍ය නිලධාරීන් සඳහා පැවැත්වූ ක්‍රීඩා උත්සවයේදී දිනාගත් නිලධාරින් සඳහා ත්‍යාග ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී මේ සඳහා මීගලෑව පොලිස් නිලධාරීන් පැමිණ සිටියහ.


දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවය

sport3

කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල වෙනුවෙන් පිටියේ තරග ඉසව් වලට සහභාගී වෙමින් ජයග්‍රහණය කල ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා කණ්ඩායමේ සියලු නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම්.

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top