අතිරේක ආහාර බෝග ලබාදීම

කර්කස ඉරි දැලුණු පොලව තෙත් කරමින් අක් වැස්ස රජරට බිම තෙත් කරමින් වැටුණු සැනින් අපි වැඩ පටන් ගත්ත. ආහාර නිශ්පාදන ජාතික වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙවරත් 2018/19 මහ කන්නය වෙනුවෙන් අතිරේක ආහාර බෝග 50% ගොවි ධායකත්වය යටතේ බෙදාදීම අද දින සිදුවිය. මෙවරද බීජ නිෂ්පාදන ගොවිපල් වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. සමහර රාජ්‍ය ආයතන දුම්
කොල වගාවට ඉඩ සලසන අතර ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපි පස සාරවත් කරන අතිරේක ආහාර බෝග ලබාදේ. මෙවර ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හා කෘෂි උපදේශක වරුන්ට ලබාදෙන බීජ නම්.
රටකජු අත්තිවාරම් බීජ . -. Kg 720
රටකජු ලියාපදිංචි බීජ ... -. Kg 1000
රටකජු සහතික බීජ .. . . - . Kg. 2280
මුං සහතික බීජ.. .. .. .. .. -. . Kg 100
කව්පි සහතික බීජ.. .. .. .. - . Kg 144
මිරිස් බදුන් .. .. .. .. .. .. .. . .- . 49000
වැසි දෙවියන් වඩීව ......අහිංසක ගොවින්ගේ වගාවන් සරු වේවා....













