| අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව
වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ මගපෙන්වීමෙන් හා වයඹ පළාත් ඉඩම් අමාත්‍යාංශ ලේකම්තුමියගේ උපදෙස් පරිදි, වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන "අරුණැල්ල" ජංගම සේවා වැඩසටහන පැවැත්වේ.
මෙතෙක් නොවිසඳුණු ඔබගේ ඉඩම් ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට අදාළ සියලුම ලේඛන ද රැගෙන සහභාගී වන ලෙස කාරුණිකව දැනුම් දෙමු. |
|
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කේ. ප්‍රසාද් චාමින්ද මහතා 2026 ජූලි මස 01 වන දින නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ආගමික වතාවත් සහ නිල චාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙම රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නව ප්‍රාදේශීය ලේකම්වරයා, මහජන සේවය වෙනුවෙන් තමා කැපවන බවත්, ගල්ගමුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමට සහ ජනතාවගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකිරීමට කාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.
|
| Clean Sri Lanka ජාතික වැඩසටහනට සාපේක්ෂව රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක සෙයිරි සතිය තුළ ගල්ගමුව ප්‍රාදේශීය ලෙක්ම කාර්යාලයේ නිලධාරීන් අනවශ්‍ය දෑ ඉවත් කරමින් පිරිසිදු කිරීම් කටයුතු සිදු කිරීම |
2025 නොවැම්බර් 25 වන දින විදේශ රැකියා රැකියා පොළක් විගමනිකයන්ගේ නිෂ්පාදන අළෙවි ප්‍රදර්ශනයක් ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
විදේශ රැකියාවක් අපේක්ෂා කරන අය සඳහා වටිනා අවස්ථාවක් සැලසීම උදෙසා ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විදේශ රැකියා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය එක්ව විශේෂ විදේශ රැකියා රැකියා පොළක් සංවිධානය කර තිබේ. මෙය 2025 නොවැම්බර් 25 වන දින පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා ගල්ගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම රැකියා පොළට වටිනා විදේශ රැකියා අවස්ථා ලබාදෙන ලියාපදිංචි රැකියා නියුක්ති නියෝජිතයන් සහ විදේශ රැකියා කාර්යංශ නිලධාරීන් සහභාගී වන අතර, රැකියාව සඳහා මූලික තොරතුරු, නියුක්ති ක්‍රියාවලිය, සහ ලේඛන සකස් කිරීම පිළිබඳ නිවැරදි උපදෙස් ලබාදෙයි.
මෙම වටිනා අවස්ථාවෙන් ප්‍රතිලාභ ලබන ලෙස සංවිධාකරු සියලුම සම්බන්ධිත පවුල් හා පුද්ගලයින්ට රැකියා පොළට සම්බන්ධ වීමට ආරාධනා කරයි.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අවශ්‍ය වේ නම් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගන්න.
2025-06-24 දින ජේ.එම්.සී.කේ.වී.ජයවර්ධන මහත්මිය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ලෙස රාජකාරි ඇරඹීම සිදු කරන ලදී














