අපගේ දැක්ම
ගල්ගමුව කොට්ඨාශයේ ප්‍රශස්ථම සේවා සපයන රාජ්‍ය ආයතනය බවට පත්වීම.
අපගේ මෙහෙවර
යහපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තිරසාරව,සැලසුම් සහගතව මානව සම්පත හා ක්‍රියාවලි කළමනාකරණය තුළින් සේවා කාර්යක්ෂමතාව ප්‍රශස්ථ කිරීම
පිහිටීම
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වර්ග කිලෝ මීටර් 278.4 ක පමණ භූමි ප්‍රමානයක් අයත් වේ. එම භූමි භාගය කලා ඔය හා මී ඔය අතර පිහිටා ඇති අතර අඹන්පොල. නවගත්තේගම. ගිරිබාව,තඹුත්තේගම.හා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මායිම් වන්නේය.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 62 කින් සමන්විත වේ.මුළු පවුල් සංඛ්‍යාව 18916 කි. එහි මුලු ජනගහනය 66624 ක් වේ.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කෝරළ තුනකට බෙදා ඇත.මී ඔයෙන් එගොඩ 45 බස්නාහිර, උතුර හා දකුන වශයෙනි.
මෙම බල ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක් වන අතර යල මහ වශයෙන් වගා කටයුතු කරයි.ගොවිජන සේවා බල ප්‍රදේශ දෙකක් ඇත.එනම් ගල්ගමුව හා මහනාන්නේරිය යි.ප්‍රදේශයේ සුළු හා මහා වාරිමාර්ග යටතේ වගා කටයුතුකරන අතර විශාල ඉඩම් ප්‍රමාණයක් වගා කටයුතු කරන්නේ සුළු වාරි ක්‍රමයටතේය.ග්‍රාමීය වැව් හා අමුණු 362 ක් පමණ ප්‍රදේශයේ දැකිය හැකි ය.
ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පාසල් 35 ක් පමණ තිබෙන අතර කටයුතු සම්බන්ධීකරණය සඳහා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයක් ද ඇත.
කෘෂි උපකරණ හා අනෙකුත් සේවා ලබා ගැනීමට ජනතාව රැස්වන්නේ ගල්ගමුව හා මීගලෑව ප්‍රධාන නගර දෙකටයි. මෙම නගර වාණිජ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබේ.මානව හා භෞතික සම්පත් රැසක් ප්‍රදේශයේ පවතින අතර ඒවා සංවර්ධන කටයුතු සඳහා විධිමත් සැලසුම්කරණයකින් යොදාගත යුතුව ඇත.
කාර්යාලයේ පසුබිම
1963 සැත්තැම්බර් මාසයේ ප්‍රාදේශීය ආදායම් පාලක කාර්යාලයක් වශයෙන් ස්ථාපනය කරන ලද මුල්ම ආදායම් පාලක නිලධාරියා වුයේ විමලධර්ම ඒකනායක මහතාය. එතැන් පටන් පහත සදහන් ප්‍රධාන නිලධාරීන් මෙහි සේවය කර ඇත.
|
නම |
සිට |
දක්වා |
|
විමලධර්ම ඒකනායක මයා |
1963 සැත්තැම්බර් |
1963 ඔක්කෝබර් |
|
ගාමිණී විජේවර්ධන මයා |
1963 |
1964 |
|
සී.ඩබ්.වලිසුන්දර මයා |
1965 |
1969 |
|
ඩබ්.ගොඩවෙල මයා |
1970 |
1971 |
|
ආර්.එම්.කරුණාරත්න |
1972 |
1979 |
|
ආර්.ඩබ්.ජේ.වීරසිංහ මයා |
1980 |
1988 |
|
එච්.එච්.කේ.හේරත් මයා |
1989 |
1990 |
|
ආර්.එච්.බී,ගුණරත්න මයා |
1991 |
1996 |
|
ඩබ්.එම්.ජයවර්ධන මයා |
1996 |
2002 |
|
ආර්.එම්.වන්නිනායක මයා (වැ.බ) |
2002 |
2002 මැයි |
|
ආර්.ඒ.එස්.ජයතිලක මයා |
2002-07-01 |
2003-08-07 |
|
ආර්.එම්.වන්නිනායක මයා (වැ.බ) |
2003-09-20 |
2005-02-21 |
|
ආර්.අයි.බි.ආර්.බී.රත්නමලල මයා |
2005-02-21 |
2009-04-29 |
|
බී.එම්.මංචනායක මිය |
2009-05-07 |
2011-04- |
|
එච්.එම්.ජේ.එම්.හේරත් මයා |
2011-05-05 |
2014-09-21 |
| පී.එම්.එස්. ප්‍රියංගනී පතිරාජ මිය | 2014-09-22 | 2021-06- |
| රේණුකා පී විජේරූප මිය(වැ.බ.) | 2021-06- | 2021-07- |
| ඊ.ජී.වික්‍රමසිංහ මහතා | 2021-08-05 | 2026-03-23 |













