උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
වෙනත් කොට්ඨාසයකට අදාල උප්පැන්න,මරණ,විවාහ සහතික මෙම කාර්යාලයෙන් ලබාගත හැකිද?
- දිවයිනේ ඔීනෑම දිස්ත්‍රික්කයක ඉහත සහතික මෙම කාර්යාලයෙන් ලබාගත හැකිය.(1950 වර්ෂයට පසු සහතික)
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.For registering a normal birth, you should meet a registrar in the division befor three month
උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?
- අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.(අවශ්‍ය ලිපි ලේඛන මෙම වෙබ් අඩවියේ මුල් පිටුවේ සිවිල් ලියාපදිංචිය යටතේ දක්වා ඇත.
වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන කවරේද?
- වාහනයට අදාල පොතේ මුල් පිටපත(ලීසින් කර ඇති වාහනයක් නම් එම ආයතනය විසින් සහතික කරන ලද පොතේ පිටපත)
- දුම් සහතිකය
- වාහනයේ රක්ෂණ සහතිකය
- පෙර වසරේ ආදායම් බලපත්‍රය
නැති වූ වාහන ආදායම් බලපත්‍රයක් නැවත ලබා ගන්නේ කෙසේද?
- වාහනයට අදාල පොතේ මුල් පිටපත
- වාහනයේ රක්ෂණ සහතිකය
- ආදායම් බලපත්‍රය නැති වූ දින සිට කල් පිරෙන දින දක්වා අදාල ගාස්තු ගෙවීමට සිදු වේ
- වාහන ආදායම් බලපත්‍රය නැතිවූ බවට පොලිස් පැමිණිල්ලේ පිටපත
වෙනත් කොට්ඨාසවලට අයත් වාහනවල ආදායම් බලපත්‍ර මෙම කාර්යාලයෙන් ලබාගත හැකිද?
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔිනෑම කොට්ඨාසයක ආදායම් බලපත්‍රයක් මෙම කාර්යාලයෙන් ලබා ගත හැකිය













