ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කේ. ප්‍රසාද් චාමින්ද මහතා 2026 ජූලි මස 01 වන දින නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ආගමික වතාවත් සහ නිල චාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙම රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ නව ප්‍රාදේශීය ලේකම්වරයා, මහජන සේවය වෙනුවෙන් තමා කැපවන බවත්, ගල්ගමුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමට සහ ජනතාවගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකිරීමට කාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

 

 

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top