01. පවුල් තෝරා ගැනීම -

  • 2015/2016 සිදුකල සමීක්ෂණය මගින් සකස් කර ඇති ලේඛනයෙන් ප්‍රමුඛතාවය අනුව පවුල්

තෝරා ගනී.

  • වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කලාප කළමණාකරුගේ නිර්දේශය හා ප්‍රාද්ශීය ලේකම්ගේ

අනුමැතියෙන් ඉවත් කරන සහනාධාරලාබීන් වෙනුවට නව පවුල්  අළුතින් සහනාධාර ලබාදීම

සදහා ඇතුලත් කරයි.

02. සහනාධාර වටිනාකම්:

පවුලේ ප්‍රමාණය

වටිනාකම(රු.)

1 හා 2 

1500.00

3

2500.00

4 ට වැඩි

3500.00

සවිබල ගැන්වූ පවුල් 

420.00

03. සහනාධාරයේ සංයුතිය :

මුද්දරයේ වටිනාකම(රු)

මුදල් මුද්දරය

අනිවාර්ය ඉතිරි කිරීම්

නිවාස ලොතරැයිය

සමාජ ආරක්ෂණය

1500

1250.00

100

50

100

2500

2150.00

200

50

100

3500

3050.00

300

50

100

420

-

270

50

100

i මුදල් මුද්දරය :

ප්‍රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර එය සමෘද්ධි බැංකුව මගින් ලබා ගත හැකිය.

ii අනිවාර්ය ඉතිරි කිරීම්:

ප්‍රතිලාබියාගේ බැංකු ගිණුමට බැර කරන අතර මුදල් ලබා ගැනීම සදහා පහත නිර්ණායක එකක්  හෝ    සම්පූර්ණ වී තිබිය යුතුය.

  • අවුරුදු 70 සම්පූර්ණ වීම
  • දරුවකු විශ්ව විද්‍යාල අධ්‍යපනය ලැබීම
  • විශේෂිත රෝගයකින් පෙළීම (වකුගඩු, පිළිකා, ශෛල්‍යකර්ම)

iii නිවාස ලොතරැයිය:

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක බැගින් මාස් පතා දිනුම් අදිනු ලැබේ.
  • වටිනාකම රු. 200,000.00 වේ.
  • නිවාස ඉදිකිරීම්, ඉඩමක් මිළ දී ගැනීම හෝ ව්‍යාපාරික කටයුතු සදහා ලබා දෙනු ලැබේ.

iv  සමාජ ආරක්ෂණය:

පහත කරුණු සදහා මෙම මුදල් නිදහස් කිරීම සිදුකරයි.

  • දරු උපත් සදහා රු. 7500 බැගින් දරුවන් තිදෙනෙකුට
  • පවුලේ විවාහයන් සදහා රු. 7500 බැගින්(උපරිම විවාහ දෙකක්)
  • මරණයකට රු. 15000 බැගින්(මරණ ප්‍රමාණය සීමාවක් නැත)
  • රෝහලගතවීම් වෙනුවෙන් වර්ෂකට දින 30ක් සදහා රු. 7500 ක උපරිමයකට යටත්ව දිනකට රු. 250 බැගින්
  • නිවුන් දරු උපත් සදහා දරුවන් දෙදෙනෙකුට රු. 5000 බැගින් ද දරුවන් තුනක් හා ඊට වැඩි උපත් සදහා රු. 10000 බැගින් ද මාසිකව එක් වර්ෂයක් සදහා

  • භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගන්නා ලද පවුල් සවිබල ගැන්වීම සදහා ආපසු අය නොකරන උපරිමය රු. 45000 කට යටත්ව උපකරණ, භාණ්ඩ, ද්‍රව්‍ය, සතුන්,ගොඩනැගිලි සදහා උපකරණ ලබාදීම සිදුකරයි.
  • සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය චක්‍රිය ණය ලබාදීම(උපරිමය 500,000 පොළිය 12%)
  • සමෘද්ධි බැංකු මගින් ජීවනෝපාය සංවර්ධන ණය ලබා දීම(උපරිමය 500,000 - පොළිය 12%)

i. මැයි 31 දින මත්ද්‍රව්‍ය නිවාරණ කොඩි අරමුදල ගොඩනැගීම

මේම අරමුදල මගින් පහත වැඩසටහන් සිදු කරනු ලබයි.

  • අඩු ආදායම්ලාබීන්ගේ නිවාස ඉදිකිරීම
  • නිවාස අළුත්වැඩියා කිරීම
  • වැසිකිළි පහසුකම් දියුණු කිරීම
  • පාසල් උපකරණ ලබාදීම

ii.  උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

iii. සමෘද්ධි ළමා සමාජ පිහිටුවීම, තරග පැවැත්වීම හා එම තරගකරුවන් ජාතික මට්ටම කරා රැගෙන යාම

iv. හරිත උයන වන සංරක්ෂණ වැඩසටහන් පැවැත්වීම

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top